ශ්‍රී ලංකාව සංවිධානය කරණ 20-20සේ අධ්‍යක්ෂ ධූරය සජිත් ප්‍රනාන්දුට

ශ්‍රී ලංකාව සංවිධානය කරණ 20-20සේ අධ්‍යක්ෂ ධූරය සජිත් ප්‍රනාන්දුට

August 7, 2018   11:22 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි විස්ස තරඟාවලියේ තරඟාවලි අධ්‍යක්ෂවරයා ලෙස සජිත් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

තරඟාවලිය අගෝස්තු මස 21වනදා ආරම්භ වන අතර සැප්තැම්බර් මස 02දා දක්වා පැවැත්වීමට නියමිතයි.

 කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 04 තරඟ වදින මෙම විස්සයි විස්ස තරඟාවලියේ පළමු වට‍යේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වීමට නියමිතයි.

 එම වටයේ තරඟවලින් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනට අනුව අවසන් තරඟ සඳහා සහභාගී වන කණ්ඩායම් තීරණය වනු ඇති.

තරඟාවලියේ තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.