Back to Top

ලංකාව සමඟ ඉදිරි තරගාවලිය දකුණු අප්‍රිකානු නායකයාට අහිමි වෙයි

ලංකාව සමඟ ඉදිරි තරගාවලිය දකුණු අප්‍රිකානු නායකයාට අහිමි වෙයි

August 7, 2018  01:25 pm

Bookmark and Share

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දකුණු අප්‍රිකා නායක ෆාෆ් ඩුප්ලෙසීස්ට අහිමි වන බව වාර්තා වෙයි.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ඩුප්ලෙසීස් උරහිසේ ආබාධයකට ලක් විය.

එම අවස්ථාවේම ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ අතර නැවත පන්දු රැකීමට පැමිණියේ නැහැ.

උඩ පන්දුව රැක ගැනීමට යාමේදී උරහිසේ ඇති වූ ආබාධය සුව වීමට සති 6ක පමණ කාලයක් ගත වනු ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ.

ඒ අනුව ඩුප්ලෙසීස්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරග 2ත්, 20යි 20 තරගයත් අහිමි වනු ඇති.

කෙසේ වෙතත් ඩුප්ලෙසීස් වෙනුවට දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීම සඳහා තවමත් නායකයෙකු නම් කර නැහැ.