Back to Top

ටෙස්ට් පිතිකරුවන්ගේ පළමු තැන කෝලිට

ටෙස්ට් පිතිකරුවන්ගේ පළමු තැන කෝලිට

August 6, 2018  03:24 pm

Bookmark and Share

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වී ඇත.

ඒ ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටීවන් ස්මිත් අභිබවා යමිනි.

29 හැවිරිදි ඉන්දීය නායක විරාත් කෝලි ප්‍රසාද ලකුණු 934ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණ ඇත.

මීට පෙර එම දර්ශකයේ පෙරමුණ ගෙන සිටියේ ප්‍රසාද ලකුණු 929ක් ලබා ගෙන සිටින ඔස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටීවන් ස්මිත්.

ඒ අනුව 2011 වසරින් පසු ඉන්දීය ක්‍රීඩකයෙකු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පෙරමුණට පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

විරාත් කෝලි ටෙස්ට් තරග 67කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර එහිදී ටෙස්ට් ශතක 22ක් සහ අර්ධ ශතක 17ක් රැස් කර ගැනීමට ඔහු සමත් වී තිබේ.

පසුගිය දා එංගලන්ත කණ්ඩායම සමඟ අවසන් වු පළමු ටෙස්ට්  තරගයේ පළමු ඉනිමේදී ලකුණු 149ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 51ක් රැස් කිරීමට කෝලි සමත් විය.