තාප්පයකට යට වී එකම පවුලේ සිව් දෙනෙක් මරුට
සයුරෙන් එතෙර

තාප්පයකට යට වී එකම පවුලේ සිව් දෙනෙක් මරුට

July 12, 2018   11:09 am

ඉන්දියාවේ දෙහ්රාදුන් නගරයේදී තාප්පයක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

සිදුවීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල බලපා ඇති දැඩි වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ දෙහ්රාදුන් හි ශාස්ත්‍රි නගර් ප්‍රදේශයේ තාප්පයක් කඩා වැටී තිබේ.

ඊට යටවීමෙන් එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

කඩා වැටුණු තාප්පයේ සුන්බුන්වලට යටවී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහන සේවකයින් විසින් සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් සඳහන් වෙයි.