ලැව් ගින්නෙන් අක්කර 25ක් විනාශයි
සයුරෙන් එතෙර

ලැව් ගින්නෙන් අක්කර 25ක් විනාශයි

July 12, 2018   10:53 am

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගින්නෙන් අක්කර 25ක පමණ ප්‍රදේශයක් දැවී විනාශ වී තිබේ.‍

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇනජලීස් නගරය ආසන්නයේ හටගෙන තිබූ ලැව් ගින්න අඬකින් පමණ පාලනය කිරීමට ගිනි නිවීම් සේවකයින් සමත්ව තිබේ.

ගින්නට හසුවීමෙන් අක්කර 25ක පමණ ප්‍රදේශයක් දැවී විනාශ වී ගොස් ඇති බව වාර්තා වෙයි.

වියළි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබූ බවත් සඳහන් වෙයි.

ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක ආසන්නයටම ගින්න පැතිර ගොස් තිබූ නමුත් දුම්රිය ගමනාගමනයට බාධා සිදුවී නැහැ.

මේ අතර අමෙරිකානු වාර්තා සඳහන් කළේ මේ වසර තුළ පමණක් ලැව් ගිනි හේතුවෙන් එරට භූමි ප්‍රමාණයෙන් අක්කර මිලියන තුනකට අධික ප්‍රමාණයක් දැවී විනාශවී ඇති බවයි.