Back to Top

මූලගිරි රාජ මහා විහාරයේ බුදු පිළිමය විනාශයි- හොරු නිදන් වස්තු කොල්ලකයි

මූලගිරි රාජ මහා විහාරයේ බුදු පිළිමය විනාශයි- හොරු නිදන් වස්තු කොල්ලකයි

July 12, 2018  10:07 am

Bookmark and Share

 

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පැල්වත්ත හිගුරුකඩුව මාර්ගයේ පිහිටා ඇති මූලගිරි රාජ මහ විහාරස්ථානයේ හිටි පිළිමයේ ශීර්ෂය බිඳ එහි තිබූ නිදන් වස්තු කොල්ලකා තිබේ.

පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බුත්තල පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව බුත්තල පොලීසිය විසින් මීට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අච දෙරණ වාර්තාකරු පවසයි.

සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් දෙහැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු එහි තිබූ නිදන් වස්තු සොරකම් කර වැල්ලවාය ප්‍රදේශයේ පිහිටා ඇති රං භාන්ඩ වෙළඳසැලක් වෙත රුපියල් තිස් දහසක මුදලකට එවා අලෙවි කර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.

පසුව පොලිසිය විසින් එම නිදන් වස්තු අලෙවි කළ වෙලදසැලේ තිබී නිදන් වස්තු සොයාගෙන ඇති අතර සැකකරු එවා විකුණා ලබා ගත් තිස්දහසක මුදලෙන් දසදහසකම මත්පැන් පානය කර ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද(12)  ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.