සයුරෙන් එතෙර
කඳුකරයට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයේ සිටි 11 දෙනෙක් මුදා ගනියි
July 12, 2018 09:07 am
ඇලස්කාවේ මවුන්ට් ජම්බෝ කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයේ ගමන් කළ පුද්ගලයින් 11 දෙනෙකු මුදාගෙන තිබේ.
අමෙරිකානු වෙරලා රක්ෂක නිළධාරීන් විසින් ඔවුන් මුදාගෙන ඇති අතර කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අනතුරට පත් ගුවන් යානයේ සිටි පුද්ගලයින් බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇති අතර ඇතැම් පුද්ගලයින්ට සුළු තුවාල සිදුව ඇති බව සඳහන් වෙයි.
අදාළ ගුවන් යානය අඩි දෙදහසක් පමණ උසක සිට කඩා වැටීමට ලක්ව ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.