Back to Top

එංගලන්තද? ක්‍රෝඒෂියාවද?

එංගලන්තද? ක්‍රෝඒෂියාවද?

July 11, 2018  03:51 pm

Bookmark and Share

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ තරඟය අද(11) පැවැත්වේ.

එංගලන්ත කණ්ඩායම සහ ක්‍රෝඒෂියා කණ්ඩායම අතර එම තරඟය රුසියාවේ ලුස්නිකි ක්‍රිඩාංගනයෙදි පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ ඊයේ (10)පැවති තරඟයෙන් බෙල්ජියම් කණ්ඩායම පරදා ජය හිමිකර ගැනිමට ප්‍රංශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව අද පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ ප්‍රංශ කණ්ඩායම ලබන 15 වනදා අවසන් මහා තරඟයේදී තරඟ වැදීමට නියමිතයි.

ක්‍රෝඒෂියානු කණ්ඩායම මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක ශූරතාව හිමිකර ගැනීමට සමත්ව නොමැති අතර එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවකදී ශූරතාව හිමි කරගෙන තිබේ.

මීට වසර 52 කට පෙර 1966 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය දරමින් එහි ශූරතාව හිමිකර ගැනීමට  එංගලන්ත කණ්ඩායම සමත් වූයේ ජර්මානු කණ්ඩායම පරාජයට පත් කරමිනි.