චීනයේ අසාධාරණ වෙළඳ ක්‍රමෝපායන් නිසා ට්‍රම්ප් තීරු බදු වැඩි කරයි
සයුරෙන් එතෙර

චීනයේ අසාධාරණ වෙළඳ ක්‍රමෝපායන් නිසා ට්‍රම්ප් තීරු බදු වැඩි කරයි

July 11, 2018   09:39 am

 

චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200ක වටිනාකමකින් යුතු භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් තීරු බදු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

එය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව අමෙරිකාව පවසා ඇත.

චීනයෙන් ගෙන්වන භාණ්ඩ වර්ග 6000කට අධික ප්‍රමාණයක් සඳහා අමෙරිකාව විසින් මෙලෙස බදු පැනවීමට නියමිත අතර ආහාර, ඛනිජ ද්‍රව්‍ය හා පාරිභෝගික භාණ්ඩ ද ඒ අතර වන බව සඳහන්ය.

මීට පෙරද චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 34ක වටිනාකමකින් යුතු භාණ්ඩ සඳහා  අමෙරිකාව විසින් තීරු බදු පැනවූ අතර එයට ප්‍රතිචාර වශයෙන් චීනය ද ඩොලර් බිලියන 34ක භාණ්ඩ අමෙරිකානු භාණ්ඩ සඳහා බදු පැනවීය.

චීනය විසින් සිදුකරන අසාධාරණ වෙළඳ ක්‍රමෝපායන් ‍හේතුවෙන් මෙලෙස බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.