මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට
සයුරෙන් එතෙර

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට

July 11, 2018   09:22 am

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර ළමුන් කිහිප දෙනෙකුද වන බව වාර්තා වෙයි.

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහායරක් එල්ල වී තිබේ.

ඉන් ළමුන් කිහිපදෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ද මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් අනතුරුව විශාල ගින්නක් හට ගෙන ඇති අතර රථවාහන කිහිපයක්ද විනාශවී ඇති බව වාර්තා වෙයි.

අයි.එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.