සයුරෙන් එතෙර
පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දේශපාලනඥයෙක් ඇතුලු පුද්ගලයින් 12 ක් මරුට
July 11, 2018 09:17 am
පාකිස්ථානයේ, පේෂාවර් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රරයකින් එරට දේශපාලනඥයෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
“අවාමි ජාතික පක්ෂය” විසින් සංවිධානය කළ රැළියකට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී හරූන් බිලර් නැමැති අපේක්ෂකයා ද මියගොස් ඇති බව සඳහන්ය.
ඔහු මේ මස 25වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයට අවාමි ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට නියමිතව සිටි අපේක්ෂකයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.