ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග අද සිට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග අද සිට

July 10, 2018   08:57 am

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය අද(10)  ප්‍රංශය සහ බෙල්ජියම අතර පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ(09) දිනයේ දී කණ්ඩායම්  දෙකම සිය පුහුණුවීම් වන නිරත විය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී උරුගුවේ කණ්ඩායම පරාජය කරමින් ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව ප්‍රංශය් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන වරටත් ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයකට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණෙන් අද තරග බිමට පිවිසෙයි.

ඊයේ දිනයේ දී ප්‍රංශ කණ්ඩායම සිය පුහුණුවීම්වල නිරත විය.

මේ අතර ප්‍රංශය සමග අවසන් පූර්ව තරගයට සහභාගි වන බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයයි.

ඔවුන්  අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ බ්‍රසීල කණ්ඩායම පරාජය කරමින්.

මීට පෙර පාපන්දු ලෝක කුසලාන 11කට සහභාගි වී ඇති බෙල්ජියම 1986 වසරේ  පැවති තරගාවලියේදී සිව්වන ස්ථානය හිමිකර ගැනීම ඔවුන්ගේ ඉහලම දක්ෂතාව ලෙස වාර්තා වෙයි.

ප්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රී 11යි 30ට ආරම්භ වීමට නියමිතයි.