Back to Top

චන්දිමාල්ට  ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය අහිමි වෙයිද ?

චන්දිමාල්ට ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය අහිමි වෙයිද ?

July 9, 2018  09:37 am

Bookmark and Share

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් තරඟයේදී පන්දු රැකිමට ක්‍රිඩා පිටියට පැමිණිම ප්‍රමාද කිරිම හේතුවෙන් ක්‍රිඩාවේ ජීව ගුණයට හානි කළ බවට නායක දිනේෂ් චන්දිමාල් මහතාට  සහ නිළධාරින්ට එල්ල වි ඇති චෝදනා හෙට (10) විභාගයට ගැනිමට නියමිතය.

ජාත්‍යරන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර නිවේදනය කර තිබුණේ හෙට දිනයේ ඒ පිළිබඳ විභාග කරන බවය.

ඒ අනුව පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ සහ නායක දිනේෂ් චන්දිමාල් චෝදනා වලට වැරදිකරුවන් වූවහොත් ටෙස්ට් තරඟ කිහිපයකට ක්‍රිඩා කිරිමට නොහැකි වනු ඇති.

එසේ වුවහොත් ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියට ඔවුන්ට සහභාගීවිමේ අවස්ථාව අහිමි වන බව වාර්තා විය. 

ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන බ්‍රාහස්පතින්දා ආරම්භ විමට නියමිතය.