Back to Top

දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩාම අතර පුහුණු තරගයේ අවසන් දිනය අද

දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩාම අතර පුහුණු තරගයේ අවසන් දිනය අද

July 8, 2018  09:29 am

Bookmark and Share

 

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ (07) තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 287ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92ක් සහ කෞෂාල් සිල්වා ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර  පළමු ටෙස්ට් තරගය ලබන 12 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතය.