ළමුන් සිව් දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සියදිවි නසා ගනියි
සයුරෙන් එතෙර

ළමුන් සිව් දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සියදිවි නසා ගනියි

June 13, 2018   04:12 pm

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පුද්ගලයෙකු විසින් ළමුන් සිව් දෙනෙකුට වෙඩි තබා  ඝාතනය කර තිබේ.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයාගේ දරුවන් දෙදෙනාද ඒ අතර වන බව වාර්තා වෙයි.

අවුරුදු 12, 10 ,6 සහ අවුරුද්දක් වන වයස්වල පසුවන ළමුන් සිව්දෙනෙකු මෙලෙස වෙඩි පහරට ගොදුරුවී තිබේ.

වෙඩි තැබීම සිදු කල පුද්ගලයා 35වන වියෙ පසුවන ගැරී ලින්ඩ්සේ නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරිවාස ගතකර සිටි අයෙකු බවත් සඳහන් වෙයි.

කෙසේ නමුත් දරුවන් සිව්දෙනාට වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණවී නැහැ.

පසුව වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන සිටි ලින්ඩ්සේගේ සිරුර නිවාස සංකීර්ණයක තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.