හෙරොයින් ග්‍රෑම් 200 ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 200 ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

June 13, 2018   02:19 pm

 

හෙරොයින් ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමඟ 25 හැවිරිදි තරුණයෙකු කුලියාපිටිය, වීරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය, කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 203 යි මිලිග්‍රෑම් 189 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේය.

සැකකාර තරුණයා කුලියාපිටිය, දියකමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර මහජන පොල අසලදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ 31 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර, හිමකහන්දිය ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ 39 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මීට අමතරව පේරාදෙණිය, පිලිමතලාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 770 ක් සමඟ 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.