මදුෂ්ගේ ප්‍රබල ගෝලයින් 3 ක් කඩුගන්නාවේදී පොලීසියට කොටුවෙයි

මදුෂ්ගේ ප්‍රබල ගෝලයින් 3 ක් කඩුගන්නාවේදී පොලීසියට කොටුවෙයි

June 13, 2018   02:15 pm

මාකඳුර මදුෂ් නැමති පාතාල නායකයාගේ ප්‍රබල ගෝලයින් තිදෙනෙකු මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මාකඳුරේ මදුෂ් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ඡාවාරම සහ කප්පම් ගැනීම සිදු කරනු ලබන ප්‍රබලයින් ලෙස මොවුන් හඳුන්වනු ලබයි.

මෙම සැකකරුවන් අතැතිව තිබු රුපියල් ලක්ෂකයකට අධික මුදලක් ද අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණවක ආරච්චිගේ රොහාන් සම්පත් රණවක පෙරේරා නැමති වයස අවුරුදු 33 ක් වු උඩතෝරදෙණිය, වෙලම්බඩ යන ලිපිනයේ පදිංචි අයෙක්, මුණසිංහ ආරච්චිගේ හර්ෂ අනුර දේශප්‍රිය නැමති වයස අවුරුදු 35 ක් වු ගාමිණිපුර, මීගොඩ පදිංචි පුද්ගලයෙක් හා මුණසිංහ ආරච්චිගේ හර්ෂ ප්‍රදිප් කුමාර නැමති වයස අවුරුදු 25 ක් වු ගැමුණු මාවත, පනාපිටිය වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග අනුව මෙම සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.