ගංවතුර නිසා මාර්ග රැසක් යට වෙයි
සයුරෙන් එතෙර

ගංවතුර නිසා මාර්ග රැසක් යට වෙයි

June 13, 2018   11:17 am

චීනයේ හාබින් නගරයට දැඩි ගංවතුර තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශයට ඇඳ හැලුණු දැඩි වර්ෂාවෙන් අනතුරුව ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගංවතුර හේතුවෙන් හාබින් නගරයේ මාර්ග රැසක් යටවී තිබේ.

ඇතැම් ප්‍රදේශවල මීටර් 1.5ක් පමණ උසට ජලය පිරී ඇති බවවාර්තා වෙයි.

පුද්ගලයින් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන් කොටුවී සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විට සෝදිසි මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් දේපලවලටද දැඩි අලාභහානි සිදුව ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.