මම කිසි දේකට ඉදිරිපත් වෙන් නෑ-ඉහළින් ආරාධනා කළොත් සලකා බලනවා

මම කිසි දේකට ඉදිරිපත් වෙන් නෑ-ඉහළින් ආරාධනා කළොත් සලකා බලනවා

June 12, 2018   01:23 pm

රටේ වගකිව යුතු පාර්ශවයකින් ක්‍රිකට් ක්‍රීඩාවට මැදිහත් වන ලෙසට තමන්ට ආරාධනා ලැබුණහොත් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසයි.

ඊයේ(11) කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

විවිධ මත හා විවිධ දේවල් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ වුවත් විශ්වාස නොකරන ලෙස ද කියා සිටි රෝෂාන් මහානාම මහතා අවංක වාතාවරණයක් නොමැතිව කිසිවෙකටත් ඉදිරිපත් නොවන බව ද පැවසීය.

නමුත් රටේ ඉහළ තැනකින් ආරාධනාවක් ලැබුණොත් ඒ පිළිබඳ කල්පනා කර බලා, තීරණයක් ගන්නා බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

වසර 20 කට ආසන්න කාලයක් ක්‍රීඩාවේ නියැලෙමින් ලැබූ අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාවක් පැමිණියොත් සිය වගකීමක් ලෙස සිතා එයා ඉටු කරන අතර, ස්ථීර විසඳුමක් වෙනුවෙන් මිසක කිසිවිටෙකත් තාවකාලික විසඳුම් වෙනුවෙන් තීරණ නොගන්නා බව ද රොෂාන් මහානාම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය.