Back to Top

සයුරෙන් එතෙර

ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි-යානයෙන් පැන නියමුවා බේරෙයි

ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි-යානයෙන් පැන නියමුවා බේරෙයි

June 11, 2018  08:35 pm

Bookmark and Share

අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ඔකිනාවා දූපතට කඩා වැටී තිබේ.

අනතුරින් එහි නියමුවා දිවි බේරාගැනීමට සමත් විය.

යූ එස් එෆ්  15 නමැති ජෙට් යානයක්  ඔකිනාවා දූපතට කඩා වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා යානයෙන් පැන ඇති බව වාර්තා වෙයි.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ එරට ආරක්ෂක හමුදාව ඔහු බේරා ගැනීමට සමත් වූ බවයි. 

කෙසේ වෙතත් අනතුරින් ගුවන් නියමුවාගේ එක් පාදයකට බරපතළ තුවාල සිදු වී ඇති බව සඳහන් වෙයි.