සාමයේ මෙහෙයුමට ට්‍රම්ප් දැඩි ආරක්ෂාවක් යටතේ සිංගප්පූරුවට පැමිණෙයි
සයුරෙන් එතෙර

සාමයේ මෙහෙයුමට ට්‍රම්ප් දැඩි ආරක්ෂාවක් යටතේ සිංගප්පූරුවට පැමිණෙයි

June 10, 2018   06:35 pm

 

කොරියා - අමෙරිකා සාකච්ඡා සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ආරක්ෂාවක් මැඳ සිංගප්පූරුව වෙත ළඟා වී තිබේ.

ජි -07 නායක සමුළුවට සහභාගී වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිංගප්පුරුව වෙත පැමිනෙමින් සිටින බව ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.

සිංගප්පූරුවේ සංතෝසා දිවයිනේ දී අනිද්දා නායකයින් දෙපල අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වෙයි.

 “සාමයේ මෙහෙයුම” ලෙස එම සාකච්ඡා නම් කර ඇති ට්‍රම්ප් මෙම හමුව සාමය සඳහා පවතින එකම අවස්ථාව ලෙස හදුන්වා දී ඇත.

 උතුරු කොරියානු සහ අමෙරිකානු රාජ්‍ය නායකයින් දෙදෙනෙකු හමුවන පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.