පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට ලකුණු 453 ක ඉලක්කයක්

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට ලකුණු 453 ක ඉලක්කයක්

June 10, 2018   07:07 am

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453ක ඉලක්කයක් හිමිව තිබේ.

පිළිතුරු වශයෙන් තරගයේ සිව්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය.

 කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94ක් ලබා සිටියි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31යි.

ලකුණු 15ක් ලබා සිටි නායක දිනේෂ් චන්දිමාල් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාපිටියෙන් ඉවත් විය.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 8ක් දැවී ලකුණු 414ක් ලබාගත් අතර දෙවන ඉනිමේ දී කඩුලු 7කට ලකුණු 223ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ දී ලබාගත හැකි වූයේ ලකුණු 185ක් පමණයි.

ඒ අනුව තරඟයේ අවසන් දිනය වන අද ජයග්‍රහණය සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමට තවත් කඩුලු 7ක් අතැතිව ලකුණු 277ක් ලබාගත යුතු වේ.