පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 185 යි

පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 185 යි

June 9, 2018   06:30 am

 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි.

තෙවන දිනය වූ ඊයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 131ක් ලබා සිටියේය

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 185යි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 44යි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 31යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නේය.

ඔවුන් ප්‍රථම ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණූ 414ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා.