පළමු දිනයේ කොදෙව්වන් ලකුණු 246 ක් ලබා ගනියි

පළමු දිනයේ කොදෙව්වන් ලකුණු 246 ක් ලබා ගනියි

June 7, 2018   06:42 am

 

‍සංචාරක ශ්‍රි  ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

ඊයේ (06) දිනය තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 246ක් ලබා සිටියේය.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ශායි හෝප් ලකුණූ 44ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 40ක් ලබාගැනීමට සමත් විය.

නොදැවී පන්දුවට පහරදෙන ෂේන් ඩෝරිච් ලකුණු 46ක් ලබාගෙන සිටියි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාර කඩුලු 03ක් බිද හෙළු අතර සුරංග ලක්මාල් සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත්විය.