දිවි මිනිස් ගැටුමට හේතුව සංවර්ධනය සහ සංරක්ෂණය සමගාමීව නොකිරීමයි

දිවි මිනිස් ගැටුමට හේතුව සංවර්ධනය සහ සංරක්ෂණය සමගාමීව නොකිරීමයි

May 16, 2018   04:42 pm

 

මෙරට තුල සංවර්ධනය සහ සංරක්ෂණය  සමගාමීව සිදු නොකරන නිසා දිවි මිනිස් ගැටුම හටගෙන ඇති බව මධ්‍යම කලාප භාර සහාකාර වනජිවි අධ්‍යක්ෂක ඩි.එම් . විරසිංහ මහතා පවසයි.

ඩි.එම්.විරසිංහ මහතා ඒ බව කියා සිටියේ තේ වතු  ආශ්‍රිතව සැරිසරන දිවියන් සහ වතු කම්කරුවන් අතර හටගෙන ඇති ගැටුම සහ වතු ආශ්‍රිතව සිඝ්‍රෙයන් ඉහළ යන දිවි ඝාතනය සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඉන් මුදා ගැනිම සම්බන්ධව අද (16) තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ පැවති සම්මන්ත්‍රනයකට සහභාගි වෙමිනි.

හෝර්ටන්තැන්න මිතුරෝ කඳුරට කොටි සංරක්ෂණය  කිරිමේ සංවිධානය මඟින් සංවිධානය කර තිබු මෙම සම්මන්ත්‍රණයට වතු අධිකාරිවරුන් , පොලිස් නිලධාරින් , ප්‍රදේශයේ වනජිවි නිලධාරින්  සහ  ශ්‍රි ලංකාවේ  දිවියන් පිලිබදව ගවේෂණයක යෙදෙන විදේශිකයන් පිරිසක්ද පැමිණ සහභාගි විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වනජිවි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දි වන සතුන්ගේ වාසස්ථාන පවා අහිමි කරමින් සංවර්ධන කිරිම නිසා වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් වර්ධනය ඇති  බවය.

තේ වතු ආශ්‍රිතවද මෙම තත්ත්වය මේ වන විට බහුල වශයෙන් සිදු වන බවත් ,තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් ඝාතනය ඉහල ගොස් ඇති බව සහකාර වනජිවි අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

දිවියන් අහඹු ලෙසත් ගොදුරු සොයන අවස්ථාවලත් මිනිසුන්ට පහර දෙන බවත් ,එසේ පහර දෙන දිවියන් වතු ආශ්‍රිතවඇතැම් පිරිස්  වස ශරිර ගත විමට ඉඩ සලසා සහ මදු සවි කිරිමෙන් ඝාතනය කර ඇති බවත්,එවැනි අකාරයට දිවියන් ඝාතනය කිරිම නිසා එම  තොරතුරු ප්‍රමාද වී ලැබිම හේතුවෙන් මෙම දිවි ඝාතනය කිරිම පාලනය කර ගැනිමේ අසිරු තත්ත්වයක් මතු වි ඇති බව සහකාර වනජිවි අධ්‍යක්ෂකවරයා කියා සිටියි.

මෙම සම්මන්ත්‍රනයේදී දිවියන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් ගත හැකි  දැඩි නිතිමය ක්‍රියාමර්ග සම්බන්ධයෙන්ද සහකාර වනජිවි අධ්‍යක්ෂකවරයා සම්මන්ත්‍රනයට පැමිණ සිටි වතු අධිකාරිවරුන්ද දැනුවත් කරනු ලැබීය.

සංවර්ධන සහ සංරක්ෂණය සමගාමීව සිදුකරන්නේ නම්  වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම අවම කර ගැනිමට තව දුරටත් ඉඩ ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේය.