Back to Top

 ගිනි අවි සහ හෙරොයින් එක්ක 6ක් කොටු වෙයි

ගිනි අවි සහ හෙරොයින් එක්ක 6ක් කොටු වෙයි

May 16, 2018  04:24 pm

Bookmark and Share

 

ගිනි අවි සහ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 06 දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 23 ත් 27 ත් අතර වයස්වල පසුවන කැලණිය හා වනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පෑලියගොඩ පොලිස් ස්ථානයට මෝටර් රථයකින් පැමිණ ඇති මෙම පිරිස තමන්ට වෙඩි තැබීමට කිසියම් කණ්ඩායමක් පැමිණෙන බවට පොලීසියට ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඔවුන් සම්බන්ධයෙන් සැක මතුවීම හේතුවෙන් ඔවුන් පැමිණි මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන්ය.

මෙම මෝටර් රථයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 03ක්, හෙරොයින් ග්‍රෑම් 04 ක් සහ ගංජා ග්‍රෑම් 19 ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන් 06 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.