Back to Top

සයුරෙන් එතෙර

එබෝලා යළි හිස ඔසවයි-පුද්ගලයින් 19 ක් මරුට-ආසාධිතයින් 400 ක්

එබෝලා යළි හිස ඔසවයි-පුද්ගලයින් 19 ක් මරුට-ආසාධිතයින් 400 ක්

May 15, 2018  05:30 pm

Bookmark and Share

කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

මේ හේතුවෙන් පර්යේෂණ මට්ටමේ පවතින එබෝලා එන්නතක් ආනයනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එරට බලධාරීන්ට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.

කොංගෝ රාජ්‍යයේ ග්‍රාමීය ප්‍රදේශ තුනක එබෝලා වෛරසය පැතිර යමින් තිබේ.

පසුගිය සති කිහිපය තුළ පමණක් එරටින් ඉබෝලා ආසාධිත බවට සැක කෙරෙන රෝගීන් 39 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනූව එරටින් වාර්තා වන එබෝලා ආසාදිතයින් ගණන 400ක්.

වෛරසය ආසාධනය වීමෙන් සෞඛ්‍ය සේවකයින් තිදෙනෙකුද මියගොස් තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් පර්යේෂණ මට්ටමේ පවතින එබෝලා එන්නත ආනයනය කිරීම සඳහා කොංගෝ රාජ්‍යයට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.

2016 වර්ෂයේදී නිපදවා ඇති මෙම එන්නත මිනිසුන් සඳහා අහිතකර නොවන බව පර්යේෂනවලින් තහවුරු කරගෙන ඇතත් ඒ සඳහා මෙතෙක් බලපත්‍ර නිකුත් කර නැහැ.