Back to Top

සයුරෙන් එතෙර

ගාසා තීරයේ ගැටුම්වලින් මිය ගිය ගණන 55 දක්වා ඉහළට

ගාසා තීරයේ ගැටුම්වලින් මිය ගිය ගණන 55 දක්වා ඉහළට

May 15, 2018  02:50 pm

Bookmark and Share

ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 55දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 2700කට අධිකයි.

ඊශ්‍රායලයේ නව අමෙරිකානු තානාපති  කාර්යාලය ජෙරුසෙලම නගරයේදී විවෘත කිරීමට පලස්තීන ජාතිකයින් ගාසා තීරයේදී විරෝධතාවක නිරත විය.

ඊට ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගැටුම හටගෙන තිබේ.

මේ වන විට ගාසා තීරය බෙහෙවින් උණුසුම්වී ඇති අතර 2014 වර්ෂයේ පැවති යුද්ධයෙන් පසුව එහි ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය මෙය බවත්  සඳහන් වෙයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් අගමැතිවරයා සඳහන් කලේ සිය ආත්මාරක්ෂාව උදෙසා ගාසා තීරයේ කැරලිකරුවන් වෙත ප්‍රහාර එල්ල කල බවයි.