Back to Top

සයුරෙන් එතෙර

 රජයට එරෙහි විරෝධතා අවසන් කරන්න රෝමානු කතෝලික බිෂෝප්වරයෙකු එයි

රජයට එරෙහි විරෝධතා අවසන් කරන්න රෝමානු කතෝලික බිෂෝප්වරයෙකු එයි

May 15, 2018  01:42 pm

Bookmark and Share


නිකරගුවා රජයට එරෙහි විරෝධතා අවසන් කිරීමට එරට රෝමානු කතෝලික බිෂොප්වරයෙකු මැදිහත්වී තිබේ.

අප්‍රේල් මැද භාගයේදී ආරම්භවූ විරෝධතා වලින් මේ වන විට 50කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

සති කිහිපයක සිට විරෝධතාවල නිරත නිකරගුවා වැසියන් එරට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කර සිටියේය.

ජනාධිපතිවරයා පවුල් රාජ්‍යයක් ගොඩනැංවීමට කටයුතු කරමින් සිටින බවටද ඔවුන් චෝදනා කරයි.

විරෝධතා අතරතුර හටගත් ගැටුම්වලින් මියගිය බහුතරය සිසුන් බවත් සඳහන් වෙයි.

මේ අතරතුර පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රජය සහ සිවිල් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ එරට රෝමාණු කතෝලික බිෂොප්වරයාගේ මැදිහත්වීමෙනි.