Back to Top

 කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

May 12, 2018  09:38 am

Bookmark and Share

 

 

‍බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති බවයි.

කණ්ඩායමේ නායක ලෙස දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජයද සිල්වා, රොෂේන් සිල්වා යන ක්‍රීඩකයින් සංචිතයට අයත්ය.

ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, ළහිරු කුමාර සහ අසිත  ප්‍රනාන්දුද එම සංචිතයට නම් කර තිබේ.

තරඟ තුනකින් යුත් දෙරට අතර ටෙස්ට් තරගාවලිය එළඹෙන 26 වනදා සිට ජුනි මස 28 වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් හීදී පැවැත්වීමට නියමිතය.