මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය

May 10, 2018   07:58 am

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(10) පැවති තරඟයෙන් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පරදවා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 102ක ජයක් හිමිකරගෙන තිබේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ කල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 210ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කල්කටා කණ්ඩායමට පන්දු වාර 18යි එක් පන්දුවක් තුළ සියලු ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි.