සුපිරි එක්දින තරඟාවලියේ තරඟ දෙකකින්  කොළඹ සහ ගාල්ල කණ්ඩායම්වලට ජය

සුපිරි එක්දින තරඟාවලියේ තරඟ දෙකකින් කොළඹ සහ ගාල්ල කණ්ඩායම්වලට ජය

May 6, 2018   08:25 am

 

සුපිරි එක්දින තරඟාවලිය යටතේ පැවති තරග දෙකකින් කොළඹ සහ ගාල්ල කණ්ඩායම් ජය අත්කරගෙන තිබේ.

කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගය කොළඹ දී ඊයේ පැවත් විණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකකදී සියලු දෙනා දැවී ලකුණු 299ක් ලබාගත්තේය.

 එහිදී ශෙහාන් ජයසුරිය ලකුණු 110ක් සහ චාමර සිල්වා ලකුණු 87ක් ලබාගැනීමට සමත් විණි.

පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස් ලකුණු 38කට කඩුලු 4යි.

 පිළිතුරු වශයෙන් මහනුවර කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 241ක් පමණයි.

මහේල උඩවත්ත ලකුණු 71ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් ලබාගත්තේය.