ගාසා තීරයේ සිට ඊශ්‍රාලයට ළඟා විය හැකි විශාල උමඟක් විනාශ කිරීමට ඊශ්‍රායල් හමුදා අංශ සමත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන්කාමීන් විසින් ඉදිකළ උමඟක් මෙලෙස ඊශ්‍රායල් රජයේ හමුදා විසින් විනාශ කර ඇති බවයි.
පසුගිය මාස 05 තුළ විනාශ කළ පස්වන උමං මාර්ගය මෙය බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය මෙතෙක් සොයාගත් දීර්ඝතම හා ගැඹුරුම උමං මාර්ගය වන්නේද මෙයයි.
ගාසා තීරයේ සිට ප්‍රහාර එල්ළ කිරීමට මෙම උමං මාර්ග භාවිත කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.