Back to Top

සයුරෙන් එතෙර

අට හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමට විරෝධය පා ඉන්දියාවේ දැවැන්ත විරෝධතා

අට හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමට විරෝධය පා ඉන්දියාවේ දැවැන්ත විරෝධතා

April 16, 2018  04:29 pm

Bookmark and Share
ස්ත්‍රී දුෂණයට එරෙහිව ඉන්දියාවේ දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.

වරදකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමය කඩිනම් කරන ලෙස සහ මරණ දණ්ඩනය ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පැවැත් විය.

අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නගරයේ දුෂණයට එරෙහිව මෙම විරෝධතා පැවැත්වීම සඳහා පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් හේතු වී තිබුණි.

ඒ අතුරින් එක් සිදුවීමක් වන්නේ ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමයි.

මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් දැරියගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමු වූ අතර පසුගිය සතියේ  ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට පත් විය.

දුෂණයට එරෙහිව මෙවැනි විරෝධතා සඳහා හේතු වූ තවත් ආසන්නතම සිදුවීමක් වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී  භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයෙකු දුෂණය කළ තරුණියක් පසුගිය සතියේ  ප්‍රාන්ත මහ ඇමතිගේ නිවස අසල සියදිවි හානි කරගැනීමට උත්සහ කිරීමයි.

ඉන්දියාවේ ජාතික අපරාධ ලේඛන කාර්යාංශයේ නවතම වාර්තාවකට අනුව 2016 වර්ෂයේදී ඉන්දියාවෙන් ස්ත්‍රි දූෂණ 40 000 ක් පමණ වාර්තා වී තිබේ.

එය 2015 වර්ෂයට වඩා ඉතාම ඉහළ අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.