Back to Top

මහින්දානන්ද අත්අඩංගුවට

මහින්දානන්ද අත්අඩංගුවට

April 16, 2018  01:16 pm

Bookmark and Share


ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද(16) පෙරවරුවේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබුණි.
 
ක්‍රිඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් ඒ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.