2න් පස්සේ ගිඟුරුම් සහිත වැසි-අකුණුවලින් පරිස්සම් වෙන්න

2න් පස්සේ ගිඟුරුම් සහිත වැසි-අකුණුවලින් පරිස්සම් වෙන්න

April 16, 2018   11:10 am





දිවයිනේ බොහෝ පළාත්වල(විශේෂයෙන්බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

දකුණුපළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුන පෙන්වා දෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.