Back to Top

ප්‍රකාශයක් දෙන්න මහින්දානන්ද FCIDට ගිහින්

ප්‍රකාශයක් දෙන්න මහින්දානන්ද FCIDට ගිහින්

April 16, 2018  10:56 am

Bookmark and Share
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.

අද(16) පෙරවරුවේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
 
ක්‍රිඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.