Back to Top

සයුරෙන් එතෙර

හිම කුණාටුව නිසා උෂ්ණත්වය පහලට

හිම කුණාටුව නිසා උෂ්ණත්වය පහලට

April 16, 2018  10:46 am

Bookmark and Share
අමෙරිකාවේ මධ්‍යම බටහිර ප්‍රදේශයේ හිම කුණාටුවක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් පවතින බව වාර්තා වෙයි.

අමෙරිකාවේ මිචිගන්, මිනෙසෝටා සහ කැරොලිනා යන ප්‍රාන්තවලට හිම කුණාටුවෙන් බලපෑම් එල්ලවී තිබේ.

මේ සමඟ අදාළ ප්‍රාන්තවල උෂ්ණත්වය දැඩි ලෙස පහල බැස ඇති බවයි.

මිචිගන් ප්‍රාන්තයේ නිවාස ලක්ෂ තුනක පමණ විදුලි බලය ඇණහිට ඇති අතර ප්‍රදේශයට අඟල් 18ක පමණ හිමපතනයක් ලැබෙනු ඇති බවට අනාවැකි පල වෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක්ද අවලංගු කර තිබේ.