අද ඉදලා රුසියාවට එරෙහිව නව සම්බාධක දාන්න අමෙරිකාව සුදානමින්
සයුරෙන් එතෙර

අද ඉදලා රුසියාවට එරෙහිව නව සම්බාධක දාන්න අමෙරිකාව සුදානමින්

April 16, 2018   08:54 am

අද(16) සිට රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව ජගත් සංවිධානයේ අමෙරිකානු තානාපතිනි නික්කි ‍හේලි මහත්මිය පවසයි.

සිරියාවේ රසායනික අවි වැඩසටහනට සම්බන්ධ රුසියානු සමාගම් වෙත මෙම සම්බාධක පැනවෙන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

80 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිරියාවේ ඩූමා ප්‍රදේශයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් අදාළ රසායනික අවි ප්‍රහාරය සඳහා තාක්ෂණය හෝ උපකරණ සිරියාවට සැපයූ බවට වන චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙරද රුසියානු ආයුධ අපනයන කරන ආයතන කිහිපයකට එරෙහිව අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.