හංගේරියාවේ අගමැතිට එරෙහිව විරෝධතා
සයුරෙන් එතෙර

හංගේරියාවේ අගමැතිට එරෙහිව විරෝධතා

April 15, 2018   05:03 pm



හංගේරියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස  වික්ටර් ඕර්බන් තෙවන වරටත් තේරී පත්වීමට විරෝධය පල කරමින් එරට ජනතාව විරෝධතා පෙළපාලී ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අසාධාරණ බව පවසමින් ඔවුන් එම විරෝධතා පෙළපාලී සංවිධානය කර තිබු බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

බුඩාපෙස්ට් නුවර පැවති එම විරෝධතා පෙළපාලි සඳහා  පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.