Back to Top

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලට පැමිණි අප්‍රිකානු  ක්‍රීඩකයින් අතුරුදන් වෙයි

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලට පැමිණි අප්‍රිකානු ක්‍රීඩකයින් අතුරුදන් වෙයි

April 14, 2018  03:01 pm

Bookmark and Share


පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවිම සඳහා පැමිණි අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රීඩකයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

රුවන්ඩා සහ උගන්ඩා යන රටවලින් පැමිණ සිටි අතුරුදන්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සෙවිමේ  මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවිම සදහා ගෝල්ඩ් කෝස්ට් නගරයට පැමිණ නේවාසිකාගාරවල සිටි ක්‍රීඩකයින් මෙලෙස අතුරුදන්ව ඇති බව සඳහන්ය.

නේවාසිකාගාරයේ රැදී සිටි කැමරුන් ක්‍රීඩකයින් 08 දෙනෛකු ද අතුරුදන්ව ඇති බව ක්‍රීඩා උළෙලේ සංවිධායකයින් පවසයි.

කැමරුන් කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක සයිමන් මොලොම්බේ ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩකයින්ගේ අතුරුදන්වීම පළායාමක් ලෙස සලකා ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසියට පැමිණිලි කරන බවයි.

මේ අතර 2000 වසරේදී පැවැති සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවිම සදහා ඔස්ට්‍රේලියාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික පිරිසක් ඔවුන්ට නියමිත විසා කාලය ඉක්මවා එරට රැදී සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.