ඇමෙරිකාව ඇතුළු රටවල්වලින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිදුවූ හානිය මෙන්න
සයුරෙන් එතෙර

ඇමෙරිකාව ඇතුළු රටවල්වලින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිදුවූ හානිය මෙන්න

April 14, 2018   02:42 pm



අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඩමස්කස් නගරයේ පර්යේෂණාගාරයකට පමණක් හානි සිදුව ඇති බව සිරියානු බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝම්ස් නගරයට  එල්ල වූ ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

සිරියාවේ රසායනික අවි පවතින බවට සැකකරන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඒකාබද්ධව සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළේය.

 මේ සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ ප්‍රහාරයෙන් අමෙරිකානු හමුදාවන්ට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි.

කෙසේවෙතත් දිගින් දිගටම සිරියාවට ප්‍රහාර එල්ල කිරිමට කටයුතු කරන බව මීට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

එහෙත් අමෙරිකානු හමුදාව පවසන්නේ අදාළ ප්‍රහාර මේ වන විට නවතා දමා ඇති බවයි.