39 වැනි ඇතුගල්පුර සටනේ ජය කුරුණෑගල ශාන්ත ආනාවට

39 වැනි ඇතුගල්පුර සටනේ ජය කුරුණෑගල ශාන්ත ආනාවට

April 9, 2018   06:25 pm



කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවති 39 වැනි ඇතුගල්පුර සටන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 33කින් ජය ගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සමත්වුණි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශාන්ත ආනා විද්‍යාලය පන්දුවාර 48 යි පන්දු 5කදී සියලු දෙනා දැවි ලකුණු 207ක් රැස් කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුරුණෑගල මලියදේව විද්‍යාලයට පන්දුවාර 45කදී සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුනු 174ක් පමණයි.

ශාන්ත ආනා විද්‍යාලය ඉනිම වෙනුවෙන් කවිඳු රණසිංහ  ලකුණු 54 ක් රැස් කළ අතර වනිත වන්නිනායක ලකුණු 44 ක් රැස් කර ගනීමට සමත් විය.

පන්දු යැවීමේදී නවීන් මධුරංග ලකුණු 22කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.