Back to Top

  මුදල් වෙනුවට පොහොර දෙන්න රජය ගත් තීරණයට පැසසුම්

මුදල් වෙනුවට පොහොර දෙන්න රජය ගත් තීරණයට පැසසුම්

March 13, 2018  03:30 pm

Bookmark and Share
ගොවීන් සඳහා රජය සහනාධාරයක් ලෙස ගොවිතැනට පොහොර යෙදීම සඳහා පසුගිය කාලයේ  පොහොර වෙනුවට මුදල් ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරියේදී නවතා ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබා දීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ස්තුතිය පිරිනමන බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

දඹුල්ල ප්‍රදේශයේ දී  මෙම මාධ්‍ය හමු පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියාසිටියේ දිගින් දිගටම රජයට මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඉල්ලීම් කළ බවත් එහි ඉල්ලීම් එයාකාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයට ස්තූතිය පළ කරන නමුත් පොහොර ලබාදීමේ දී ඒවායේ මිල තවමත් රජය මඟින් ප්‍රකාශයට පත් කොට නැති බවත් වහාම පොහොර මිටියක මිල ගොවීන් වෙත ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

රජය මඟින් ගත් මෙම ක්‍රියාමාර්ගය නිසා ගොවියා විවිධ පළිගැනීම්වලට ලක්වීමෙන් තොරව එමෙන්ම ගොවියගෙ අභිමානය ආරක්ෂා වන බවද සඳහන් කළේය. 

එම තීන්දුවට රජයට ප්‍රසාදය පළ කරන බවත් සහාය පළ කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පොහොර මිල වෙනස් කොට ගිනි ගණන්වලට වෙළඳ පොලවල්වලින් ගොවියාට පොහොර ලබා ගැනීමට ඉඩ සැලසූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඊට මැදිහත් වන බව ද හෙතෙම සඳහන් කළේය. 

ඒ සඳහා සටන් කරන බවත් සටනට තල්ලු නොකරන ලෙසත් ඉල්ලීමක් කළේය.

රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙක්ට්‍රික් ටොන් අට ලක්ෂ අනූ දාහක් පමණ වන බවත් මෙමඟින් මෙක්ට්‍රික් ටොන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් වී වගාව සඳහා වැයවන බව ද අවධාරණය කළේය.

රජය ගොවීන්ට ලබාදෙන පොහොර මිටියක මිල රුපියල් 500ක් බවට පත් කළහොත් රුපියල් බිලියන 40 කින් පමණ වියදමකින් ආණ්ඩුවට ගොවීන්ට සහන සැලසිය හැකි බව අවධාරණය කළේ ය දැනට නිල නොවන මට්ටමෙන් වාර්තා වී ඇත්තේ රජය පොහොර මිටියක් රුපියල් 1,000 ක මිලකට වෙන් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බවද පැවසීය.

ගොවියාට ලබාදෙන මෙම පොහොර සහනාධාරය ආධාරයක් නොවන බවත් මෙය රටේ ආර්ථිකයට සිදු කරන ආයෝජනයක් බව ද සඳහන් කළේය.

පසුගියදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ප්ර්කාශයක් පිළිබඳවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය යොමු කළේය. 

රතන හිමියන් එක වැරම යම්කිසි හෝ ප්‍රකාශයක් සිදුකොට බවත් එම ප්‍රකාශ හැකිනම් ගොවිබිමක ගොස් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළේය.

ගොවියාට විවිධ තාඩන පීඩන කිරීම සතුටුදායක නොවන බව ද හෙතෙම සඳහන් කළේය.