Back to Top

ඩෙල් ස්ටෙයින් ටෙස්ට් තරගාවලියට එන එක අවිනිශ්චිතයි

ඩෙල් ස්ටෙයින් ටෙස්ට් තරගාවලියට එන එක අවිනිශ්චිතයි

March 13, 2018  12:23 pm

Bookmark and Share


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩෙල් ස්ටෙයින්ගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත බව වාර්තා වී තිබේ.

ඩෙල් ස්ටෙයින්ගේ පාදයේ හටගෙන ඇති ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර ලබන 22 වන දින ආරම්භ වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය සඳහා ඩෙල් ස්ටෙයින් සහභාගී නොවන අතර ලබන 30 වන දින ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය සඳහා ඔහු බොහෝදුරට සහභාගී වනු ඇති බව සඳහන්ය.

මේ අතර ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර  තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වෙයි.