අනතුර සිදුවුනේ ගුවන් නියමුවාගේ වරදින්
සයුරෙන් එතෙර

අනතුර සිදුවුනේ ගුවන් නියමුවාගේ වරදින්

March 13, 2018   11:09 am


නේපාලයේ කත්මණ්ඩු නුවර සිදුවු ගුවන් අනතුර ගුවන් නියමුවාගේ වරදින් සිදුවූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ට්‍රිබුවාන් ගුවන්තොටුපල නිලධාරීන් සඳහන් කරන්නේ ගොඩබැස්සවීමේ දී නියමුවා විසින් වරදක් සිදුකර ඇති බවය.

ගුවන් යානය ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් පථයට බාහිර ගුවන් පථයක ගුවන් යානය ගොඩබැස්සවීමට ගුවන් නියමුවා උත්සාහ දරා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බංග්ලාදේශයේ සිට නේපාලය බලා පියාසර කළ අදාළ ගුවන් යානය කත්මන්ඩු ගුවන්තොටුපලට ගොඩබැස්සවීමේ දී අනතුරට ලක්වූ අතර එහිදි පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

තුවාල ලැබු තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.