ඉන්දියාවට ලකුණු 153ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 153ක ඉලක්කයක්

March 12, 2018   10:14 pm



ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස්කරගත්තේය.

තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දෙපිලටම හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 19 කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස්කරගත්තේ පන්දු 38කදීය.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් SN Thakur කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූණි.

ජයග්‍රහනය සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 153කි.