පුද්ගලයින් 78 සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි
සයුරෙන් එතෙර

පුද්ගලයින් 78 සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි

March 12, 2018   03:15 pm

නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබාමින් තිබූ   US බංග්ලා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කඩා වැටී තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 67 ක් ඇතුළුව පුද්ගලයින් 78 දෙනෙකු එතුළ සිට ඇති බව සඳහන් වෙයි.

කෙසේ නමුත් අනතුරින් සිදුවූ පුද්ගල හානි පිළිබඳ මෙතෙක් තොරතුරු කිසිවක් අනාවරණ  වී නොමැත.