සයුරෙන් එතෙර

ගුවන් යානා අනතුරකින් 11ක් මරුට

March 12, 2018   10:15 am



තුර්කියට අයත් පෞද්ගලික ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

තුර්කි මාධ්‍ය  වාර්තා කළේ එරට ප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකුගේ දියණියක් ඇතුළු පිරිසක් අදාළ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

අනතුර සිදු වන අවස්ථාවේදී අදාළ ගුවන් යානය තුළ මගීන් 08 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ තිදෙනෙකු ගමන් කර තිබේ.

අනතුරින් ඔවුන් සියලු දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ ගුවන් යානය ඉරානයේ බටහිර ප්‍රදේශයක් වන ශාර් ඊකෝඩ් ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන්ය.