T20 නායකත්වය තිසරට

T20 නායකත්වය තිසරට

March 11, 2018   08:19 pm



T20 කණ්ඩායමේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක් තහනම් වීම හේතුවෙන් T20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා වෙත ලබා දී තිබේ.

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයේ ශ්‍රී ලංකාවේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරඟ දෙක සඳහා තහනමක් පනවා තිබේ.